Pages

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු හා අගමැතිවරු


ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු හා  අගමැතිවරු




සිංහල සිනමාව




පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රැඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමැති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

          නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්‍ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
          1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලැබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අැවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වැදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.
          ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිසචිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය

ලොව දිගම ගංගා 10











නම                  පිහිටීම                      දිග

01. නයිල්                           ඊජිප්තුව-සුඩානය                        කි.මී 6,671
02. ඇමසන්                        බ්‍රසීලය                                      කි.මී 6,437
03. යැංසිකි                         චීනය                                        කි.මී 6,379
04. මිසුරි-මිසිසිපි                 එක්සත් ජනපදය                         කි.මී 5,970
05. ඔබ්-ඉර්ටුෂ්                    සෝවියට් දේශය                         කි.මී 5,410
06. හොවැංහෝ                   චීනය                                        කි.මී 4,672
07. කොංගෝ                     සයිරේ-කොංගෝව                      කි.මී 4,667
08. ආමූර්                           සෝවියට් දේශය                         කි.මී 5,700
09. ලීනා                            සෝවියට් දේශය                         කි.මී 4,400
10. මැකෙන්සි                     කැනඩාව                                  කි.මී 4,240




ලොව උසම දියඇලි 15











නම                  පිහිටීම                      උස

01. ඒන්ජල්                  වෙනිසියුලාව                            මී: 979
02. යොසිමයිට්              එක්සත් ජනපදය                       මී: 739
03. මාඩල්පෝසන්         නෝර්වේ                                 මී: 655
04. ටුගෙලා                  දකුණු අප්‍රිකාව                          මී: 614
05. කිව්කිව්නන්            වෙනිසියුලාව                            මී: 610
06. සදර්ලන්ඩ්              නවසීලන්තය                            මී: 580
රිබන්                          එක්සත් ජනපදය                        මී: 491
ග්‍රේට් කැමරැන්ග්           ගුවානා                                     මී: 488
මාඩල් පාසන්               නෝර්වේ                                 මී: 468
ඩෙලා                         කැනඩාව                                  මී: 440
ගැවරින්                      ප්‍රංශය                                       මී: 422
ස්කිගේඩල්                 නෝර්වේ                                   මී: 420
හේවල්                       බ්‍රසීලය                                     මී: 404
ක්‍රිමල්                        ඔස්ට්‍රියාව                                  මී: 400
ටෘමෙල්බැච්                ස්විස්ටර්ලන්තය                         මී: 400




ලොව උසම කදු 20













නම                  පිහිටීම                      උස

එවරස්ට්                        ඉන්දියාව                                 මී: 8848
කේ 2                            පකිස්ථානය                             මී: 8611
කන්චන්ජුන්ගා              නේපාලය-ඉන්දියාව                මී: 8598
ලොට් සී 1                     නේපාලය-ටිබැටය                  මී: 8511
මකාලු 1                        නේපාලය-ටිබැටය                  මී: 8480
ලොට් සී 2                     නේපාලය-ටිබැටය                  මී: 8400
ධවලගිරි                        නේපාලය                                මී: 8172
මනස්ලු 1                      නේපාලය                                මී: 8156
චොඔයු                         නේපාලය-ටිබැටය                  මී: 8153
කන්ගාපාර්බන්              ඉන්දියාව- නේපාලය              මී: 8126
නංගා හර්බට්                 පකිස්ථානය                            මී: 8126
අන්නාපූර්ණ 1              නේපාලය                               මී: 8078
හැපර් බෘම් කාරකොරම්         පකිස්ථානය                    මී: 8068
බෝඩ්                           කාශ්මීරය                                මී: 8047
ගොසොන්තාන්             ටිබැටය                                   මී: 8012
අන්නාපූර්ණ 2               නේපාලය                               මී: 7937
ජයචුන්ග්ඩාන්               නේපාලය-ටිබැටය                  මී: 7897
ඩිස්ටේග්හිල්සාර්           පකිස්ථානය                             මී: 7882
හිමල්චූලි                      නේපාලය                                මී: 7864
නප්ටිස්                         නේපාලය                                මී: 7841




ප්‍රස්ථාපිරුළු

























01 අකලට පලගත් ගෙඩිය වගේ
     Like an Unseasonable fruit

02 අෙඟ් ඉදන් කණ කනවාලූ
      To Feed on the Ear Whilst sitting on the Horn

03 අටුව කඩා පුටුව හදනවා වගේ
     To Pull Down the Loft and Make a Chair Out of the Materials

04 අඩුව තිඛෙද්දී අත පුලූස්සා ගන්නා වගෙ
     To Get Hand Burnt Whilst Having the Pioneers

05 අනුන්ගෙ පොරවට වඩා තමන්ගෙ විදුරුමහ හොදලූ
     Ones Own Gum is the Better Than Another’s Axe

06 අනුන්ගෙ මගුල්දාට තමන්ගෙ ආදරය පෙන්වන්නා වගෙයි
     To Show One’s Hospitality at the Wedding of Another

07 අනුන්ගෙ හිසරදෙත් හොඳලූ
     Even the Head-Ache of Another is Preferable

08 අන්ධයන් හතරදෙනා ඇතාගේ ලක්ෂණ කිවා වගෙයි
     Like the Descriptions Given by Four Blind man of the Elephant


08 අන්ධයාට මොන පහන් එලියද
    What is the use of Lamp Light to a Blind man

09 අත දීල දත නියවන්නා වගෙයි
     Like Supplicating a man after Placing One’s self in his Power

10 අතුර මැදදී අත්වැල කැඩුනා වගෙයි
     Like the breaking of the Supporting Rope while one has Gone half-way Along the Coupling

11 ඉක්මන් වැඩ ගත්තැයි කියා බඩලාට පියා ගැහුවා වගෙයි
     Like the Silversmith’s Father Beating his  son for Undertaking an Urgent Work

13 ඉක්මනට කොරොස් කටෙත් අතලන්ට බැරිලූ
      A Person Cannot Put his Hand in a Hurry even in to a Koreha

14 ඉස අතගා ඇස උලූප්පන්නා වගෙයි
     To Pat one on the Head and Pull Out his Eye

15 ඉසට උඩින් කටක් ඇත්ද
     Is There a Mouth Above the Head

16 ඉසරදේට කොට්ටේ මාරුකලා වගෙයි
     Like Changing Pillows to get Relief  from Head-ache

17 උකුල් ඇටේ කොරේට බුකුල් ඇන්නාට සුවවේද?
     Boxing will not set to right a thigh-bone out of joint

18 උගුරට හොරා ඛෙහෙත් කන්නා වගෙයි
     Like attempting to swallow down medicines with out the knowledge of  the throat

18 උඩ පැන්නොත් බිම වැටේලූ
     If you jump up you will fall down

21 උඩින් හකුරු යටින් කතුරු
     Juggery on the surface scissors underneath

22 උනහපුළුවගෙ දරුව ඌට මැණිකක්ලූ
     The young of the loris is gem to her

23 එක මිනිසෙක් සූකිරිවල රස කිව්වා වගෙයි
     Like a cartain Man’s Description of the taste of Sugar-Candy

24 එක ගෑනියෙක් මතු බලා ඇඩුවා වගෙයි
     As a Women Cried in Anticipation

25 එක පන්සලේ ඉන්න මහයුන්නාසෙලාගෙත් කුඩ මිටි හරස් වෙනවාලූ
     Even the Budhist Priests who live in the sameTemple come to Logger-Heads

26 එක්ක කකා බොටුව කපනවා වගෙයි
     Like Cutting One’s throat whist eating out of the same dish

27 එක්ක කතත් බොක්ක වෙනලූ
    The dish which’s eaten out of is the same , but the Stomach of the eaters are different

28 ඇනල බැන්දත් බැදල ඇන්නත් දෙකම එකයි
       It makes no Difference whether you beat a person first and then tie him up, or tie up a person first and then beat him

29 ඇතාට විදලත් අත උස්වුනයි කීවා වගෙයි
     Like Ascribing the failure of an attempt to hit an Elephant


30 ඇතා ගිල්ල දිවුල් ගෙඩිය වගෙයි
     Like the Wood-Apple that was Swallowed by the Elephant

31 ඇති වෙන ගහ දෙපෙත්තෙන් දැනේලූ
     The Tree which will Grow could be know when two Leaves Spring out

32 ඇතුන් යන පාරේ වටුවොත් යනවාලූ
     Snipes also go on the same path as Elephant


33 කකුළුවා දිය රත්වෙනකල් සෙල්ලම වාගෙයි
     The Crab plays about in the water (in which he is being boiled) till it gets hot

34 කටුගාලෙ පිපුනු මල වගෙයි
     Like a flower blown amongst brambles

35 කඩන්ට බැරි මල බුදුන්ගේ නමට පූජා වේවා වෙයි කිව්වා වගෙයි
     Like saying of the flower which cannot be plucked “Let it be offered to Buddha”

36 කණ කොකාගෙ සුද පෙනෙන්නේ ඉගිලූනාමලූ
     The white of a crane appears only when it flies

37 කපන්ට බැරි අත සිඹින්නා වගෙයි
     To kiss the hand that cannot be cut off

38 කිඹුලාට මගුල් ජෝඩු කලා වගෙයි
     Like arranging a match for a crocodile

39 කිරි කලේට ගොම ටිකක් මුහුකළා වගෙයි
     Like putting little cow-dung in to a pot of milk

40 කීවොත් සඟ නසී නොකීවොත් වෙහෙර නසී
     If the matter be disclosed it will be ruin of the priest ,If not it will be ruin of the Wihara

41 කුකුලාට ඉස්සරවෙලා පෙදේ දිව්වා වගෙයි
     Like the tail running before the cock

42 කුණු මාළු ඔතාපු කොලේ වගෙයි
     Like a leaf in which putrid meat had been wrapped up

43 ගන්නා ලිඳට දිය උනනවාලූ
     Well from which water is constantly drawn always gets fresh supplies

44 ගමරාලට කුරහන් ඇති බව දතෙන් පෙනෙයි
     A rustic who has kurahan could be ,made out bt his teeth

45 ගමරාලගේ වංගෙඩිය වගෙයි
     Like the Gmarala’s paddy-pounder

46 ගමරාලගේ වෙඩිල්ල වගෙය
     Like the Gmarala’s shot

47 ගම්මිරිස් ඇටේ සැර දැනෙන්නෙ විකුවාමලූ
     How hot a pepper seed is could only be made out by biting it

48 ගිනිපේල්ලෙන් බැටකාපු එකා කණාමැදිරියාවටත් බයලූ
     The man who has been beaten with a firebrand, dreads the sight of a fire-fly

49 ගින්නක් නැතිව දුමක් නැතිලූ
    There cannot be a smoke without a fire

51 ගිය හකුරට නාඩන් තිඛෙන හකුර රැකගන්
     Cry not for the juggery you have lost, but take care of the juggery you still have

52 ගිලී මලෙත් ඇත දත සුද්දෝ
     Even in Gilimaley could be found people with white teeth

53 ගුරුණ්ටත් අකුරු වරදිනවාලූ
     Even teachers miss letter

54 තණ ඇති තැන හරකා කන්නෙත් නැතිලූ
     Where there is grass, cattle do not graze

55 තද සෙනෙහස දබරටලූ තද හුලඟ වැස්ටලූ
     Excessive fondness precedes a quarrel , Strong blowing precedes rain

56 තණ්නාවෙන් ඇන්නෑ හැපෙනවලූ
     Ambition begets vexation

57 තූත්තුකුඩි ගියත් ඒ අතපයමයි
    Though gone to Tuticoreen, your hands & feet will remain the same

58 තෙමිච්ච කුකුලාට සිත නැතිලූ
     Awet cock does not feel the cold

59 දත ඇති දා පොල් කන්ට කීවාලූ
     Eat cocoanuts while you have your teeth


60 දාහට අරණ් පන්සීයේට දුන්නා වගෙයි
     Like buying for a thousand , & selling back for five hundred

61 දහනමය විස්ස කළා වගෙයි
     Like changing nineteen in to twenty

62 දිවියා වුනාට මොනවද නිය නැත්නම්
     What is the use of being a tiger if there be no claws

63 දිවයුරු ඉදිරියේ කෙසේ බබලාද කණමැදිරියේ
     How can a fire-fly shine in the sun

64 නමින් කපුරුහාමි නමුත් කට ඟදලූ
     Like one stirring up the honour in an old pan

65 නයාගේ පැටවා ගැරඩියා කරණ්ට බැරිලූ
     It is impossible to make a young cobra a rat-snake

66 නිකම් පනින රිලවාට ඉනිමණ් බැන්දා වගෙයි
     Like making ladders for monkeys who can climb up without them

67 නිකම් හ~න මුත්තාට මුනුපුරෙක් මැරුණා වගෙයි
     Like the death of a grand-son to a grand-father who weeps for nothing

68 නෙළුම් කොලේ දියබින්දුව වගේ
     Like a drop of water on a lily

69 පණින මුවාට උල්හිට වන්නට කමෙක් නැහැ
     It is not necessary to plant stakes to injure a leaping stag

70 පද්දන්ට මොන සුදු හරක්ද
     what white cattle for Paduwa’s

71 පව්කාරයාගේ හිස බූ ගෑදා ගල් වර්ෂාව වැස්සාලූ
     On the day that the sinner’s head was shaved, there was hail

72 පාවෙන පාවෙන කුණු බේරුවල් තුඩාවටලූ
     Whatever rubbish floats collects at Beruwala point

73 පාලූ පැල් රැක්කා වගෙයි
     Like remaining in deserted watch-hunt



ලංකාවේ මුහුදුබඩ ලක්ෂණ


* ශ්‍රී ලංකාවට අයිති දූපත්
උතුරු සහ වයඹදිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත් - ඩෙල්ෆ්ට්, කයිට්ස්, පුන්කුඩුතිව්, පරෙයිතිව්, නයනතිව්, කච්චතිව්, වේලනෙයි, මන්ඩතිව්, මන්නාරම දූව.


මඩකලපුව ආසන්නයේ - බෆලෝ දූපත

ත්‍රිකුණාමලය ආසන්නයේ - වටදූව, කුඩා සෝබර් දූපත

ත්‍රිකුණාමලය - කෝකිලායි අතර - ලොකු සෝබර් දූපත, පෙරම් දූපත

නිරිතදිග වෙරළාසන්නයේ - බේරුවල දූපත, සීනිගම දූපත, ගල්පර දූපත

ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ - මහා රාවණා කෝට්ටේ, කුඩා රාවණා කෝට්ටේ.


ශ්‍රී ලංකාව් මහද්වීපික තටකයේ පවතින ප්‍රධාන ඉවුරු.
මුතු ඉවුර, වොප් ඉවුර, පේදුරු ඉවුර

ශ්‍රී ලංකාවේ වෙරළ ඉමෙහි ඇති ප්‍රධාන තුඩු
උතුරු වෙරළ ඉමෙහි - පේදුරු තුඩුව, යක් තුඩුව.
වයඹදිග වෙරළ ඉමෙහි - කුදිරමලේ තුඩුව
නැගෙනහිර වෙරළ ඉමෙහි - ෆවුල් තුඩුව, ඈන් තුඩුව, සංගමන්කන්ද තුඩුව.
දකුණු වෙරළ ඉමෙහි - දෙවුන්දර තුඩුව.

*ලංකාවේ වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බොකු
වයඹ දිග වෙරළ - මන්නාරම් බොක්ක, පෘතුගාල බොක්ක
නැගෙනහිර වෙරළ - තම්බලගම් බොක්ක, කොඩ්ඩියාර් බොක්ක, වන්ඩලූක බොක්ක, ආරුගම් බොක්ක, ඔකදවර බොක්ක.
දකුණු වෙරළ - වැලිගම බොක්ක, බේරුවල බොක්ක

* ශ්‍රී ලංකාවේ ප්‍රධාන කලපු
උතුරු වෙරළ - තොන්ඩමනාර කලපුව, යාපනය කලපුව
වයඹ වෙරළ - මන්නාරම් කලපුව, පුත්තලම් කලපුව, මුන්දල කලපුව
බටහිර හා නිරිතදිග වෙරළ - හලාවත කලපුව, මීගමුව කලපුව, ලුනාව කලපුව, කළුතර කලපුව.
දකුණු වෙරළ - කොග්ගල කලපුව, දෙවුන්දර කලපුව, රැකව කලපුව, කලමැටිය කලපුව
නැගෙනහිර වෙරළ - තිරුකෝවිල් කලපුව,  මඩකලපුව, උප්පූර් කලපුව, උලකලේ කලපුව, ටකන්තල් කලපුව.
ඊසාන වෙරළ - උප්පුවේලි කලපුව, පෙරියකරච්චි කලපුව, කුච්චවේලි කලපුව, කෝකිලායි කලපුව, මුලතිව් කලපුව, නයාරූ කලපුව, කන්නිකඩල් කලපුව.

*ලංකාවේ ප්‍රධාන ලේවා
එලිෆන්ට් පාස්
පුත්තලම
හම්බන්තොට

*ලංකාවේ ප්‍රධාන වගුරු බිම්
මුන්දලම හා පුත්තලම කලපු ආශ්‍රිත ප්‍රදේශ
මුතුරාජවෙල
දේද්දුව හා බොල්ගොඩ යන ජලාශ අවට ප්‍රදේශය
ලුනාව හා කලමැටිය යන කලපු ආශ්‍රිත ප්‍රදේශ
බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රදේශය.

*වැලිපර
කළු ගගේ මෝය අසල.
*මුහුදු දඹ
ත්‍රිකුණාමලය වෙරළ ඉමෙහි.
*ඩෙල්ටා
කලා ඔය, මී ඔය සහ මහවැලි ගග යන ගංගා මුහුදට වැටෙන ස්ථානයන්හි.

ලංකාව වටා වෙරළාශ්‍රිත මුහුදු පෙදෙසෙහි කොරල්පර පිහිටා ඇති ප්‍රධාන ප්‍රදේශ.
අම්බලන්ගොඩ මාතර වෙරළ තීරය.
මහා රාවණ සහ කුඩා රාවණ කොටු ආශ්‍රිත ප්‍රදේශ.
මඩකලපුවේ පාසිකුඩා ප්‍රදේශය.
ත්‍රිකුණාමලයේ කුච්චවේලි තීරය.
මන්නාරම හා කල්පිටිය වෙරළ තීරය.
යාපනය දූපත් අවට ප්‍රදේශය.


ශ්‍රී ලංකාවේ ගමනාගමනය















ලංකාවේ මහාමාර්ග ඉදි කරවීමේ පුරෝගාමියා.
         සර් එඩ්වඩ් බාර්න්ස් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාය. ඔහුගේ ආණ්ඩු කාලය 1824 සිට 1831 දක්වා විය. කොළඹ - මහනුවර සහා මාර්ගය ඇතුළු තවත් මහා මාර්ග කිහිපයක් සර් එඩ්වඩ් බාර්න්ස් ගේ කාලයේදී සාදවන ලදී.


අතීතයේ මෙරට පැවති වරායවල්.
      මහා තිත්ථ, ගෝකන්ණ, දඹකොළ පටුන, ඌරා තොට, දේවනගර, ගොඩවාය, හම්බන්තොට.

වර්තමාන ලංකාවේ වරායවල්.
      ප්‍රධාන වරාය - කොළඹ වරාය
     අනෙකුත් වරායන් - ගාල්ල, ත්‍රිකුණාමලය.

වරායවල වර්ග ප්‍රමාණයන්.
      කොළඹ වරාය - හෙක්ටයාර 201.5
      ගාල්ල වරාය - හෙක්ටයාර 320.0
      ත්‍රිකුණාමල වරාය - හෙක්ටයාර 202.3

ලංකාවේ සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ ආරම්භය.
        යටත් විජිත රජය විසින් තැපැල් ගුවන් සේවාවක් එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ලංකාව අතර 1932 දී ආරම්භ කරන ලදී. මෙය මෙරට සිවිල් ගුවන් සේවයේ ආරම්භය සේ සැළකෙයි.
ජාතික ගුවන් සේවයේ සිදු වී ඇති ප්‍රධාන වෙනස්කම්.
          ජාතික ගුවන් සේවය මුලින්ම හැඳින්වූයේ " ලංකා ගුවන් සේවය" ( එයාර් සිලෝන් ) යනුවෙනි. එය 1947 දී පිහිටුවන ලදී.
           එයාර් සිලෝන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්කොට සමාගම් ආඥා පනත යටතේ 1979 දී " එයාර් ලංකා" සමාගම පිහිටුවන ලදී.
            එයාර් ලංකා සමාගම තව දුරටත් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කොට එම්රේට්ස් ගුවන් සමාගම හා එක්ව 1998 දී " ශ්‍රී ලංකා ගුවන් සේවය පිහිටුවන ලදී.

ලංකාවේ ගුවන් තොටුපළවල්.
. ප්‍රධාන ගුවන් තොටුපොළ - කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ.
. අනෙකුත් දේශීය ගුවන් තොටුපළවල් - රත්මලාන, වීරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය, පලාලි, අනුරාධපුරය, කොකාගල, අම්පාර, හිගුරක්ගොඩ, වව්නියාව, මත්තල.

බස් මගී සේවාවන් සැපයීම සදහා රජය විසින් පෞද්ගලික අංශයට අවසර දෙන ලද්දෙ.
       1979 දීය. ( පෞද්ගලික බස් සේවා පනත 1983 දී සම්මත කෙරිණි.)

ලංකාවේ මහාමාර්ග වර්ග කර ඇති ආකාරය.
         A පන්තියේ මාර්ග
         B පන්තියේ මාර්ග
         C පන්තියේ මාර්ග
         D පන්තියේ මාර්ග
         E පන්තියේ මාර්ග
A පන්තියේ මාර්ග යනු සියලුම ප්‍රධාන මාර්ගයන්ය.ඒවා තාර දමා හොදින් සකස් කර ඇත.B පන්තියේ මාර්ගද තාර දමා ඇති අතර සුළු ප්‍රතිශතයක් බොරළු අතුරාද ඇත. C පන්තියේ මාර්ග තාර දමා සහ බොරළු අතුරා සකස් කර ඇත. D පන්තියේ මාර්ග බොරළු ඇතිරීමෙන් පමණක් සකස් කර ඇත. E පන්තියේ මාර්ග යනු ප්‍රාදේශික  පටු පාරවල්ය.
            මේ සියලුම මාර්ග මධ්‍යම රජය හෝ පළාත් සභා විසින් නඩත්තු කරනු ලබන මාර්ගයන්ය.

දුම්රිය සේවාව.
       ලංකාවේ පළමු දුම්රිය මාර්ගය වන කොළඹ-මහනුවර දුම්රිය මාර්ගය තැනීම ආරම්භ කරන ලද්දේ 1858 දීය. එම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූයේ සර් හෙන්රි වෝඩ්ය.
දුම්රිය ස්ථාන සංඛ්‍යාව.
         ප්‍රධාන දුම්රිය ස්ථාන - 164
         උප දුම්රිය ස්ථාන - 134

දුම්රිය මාර්ග පද්ධතියේ මුලු දිග.
        පුළුල් දුම්රිය මාර්ග - කි.මී. 1404
        පටු දුම්රිය මාර්ග - කි.මී. 59

දුම්රිය මාර්ග.
ලංකාවේ තුන් ආකාරයක දුම්රිය මාර්ග ඇත.
       පළල් දුම්රිය මාර්ග.
       පටු දුම්රිය මාර්ග.
       ද්විත්ව දුම්රිය මාර්ග.

පළල් දුම්රිය මාර්ග.
1. ප්‍රධාන දුම්රිය මාර්ගය (බදුලු දුම්රිය මාර්ගය )
          කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.

2. මාතලේ දුම්රිය මාර්ගය.
        පේරාදෙණියේ සිට මාතලේ දක්වා.

3. පුත්තලම් දුම්රිය මාර්ගය.
        රාගම සිට අරුවක්කාල දක්වා.

4. උතුරු දුම්රිය මාර්ගය.
        පොල්ගහවෙල සිට කන්කසන්තුරේ දක්වා.

5.තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය.
       මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්වා.

6. මඩකලපුව දුම්රිය මාර්ගය.
       මහව සිට මඩකලපුව දක්වා.

7. ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය.
       ගල් ඔය සිට ත්‍රිකුණාමලය දක්වා.

8. වෙරළබඩ දුම්රිය මාර්ගය.
         කොළඹ කොටුව සිට දික්වැල්ල දක්වා.

9. කැළණිවැලි දුම්රිය මාර්ගය.
         කොළඹ කොටුව සිට පාදුක්ක දක්වා.

10. මිහින්තලේ දුම්රිය මාර්ගය.
         අනුරාධපුර සිට මිහින්තලේ දක්වා.

පටු දුම්රිය මාර්ග.
1. කැළණි දුම්රිය මාර්ගය.
         පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා.

ද්විත්ව දුම්රිය මාර්ග.
1. ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා.
2. වෙරළබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා.

ප්‍රදීපාගාර පිහිටුවා ඇති ස්ථාන.
               කුඩා රාවණා කොටුව, මහා රාවණා කොටුව, මඩකලපුව, ෆවුල් තුඩුව, මුලතිව්, කන්කසන්තුරේ, කරෙයිතිව්, පේදුරු තුඩුව, තලෙයිමන්නාරම, කොළඹ, බේරුවල, ගාල්ල, දෙවුන්දර තුඩුව.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...