Pages

ශ්‍රී ලංකාවේ කර්මාන්ත










සංචාරක ව්‍යාපාරය.

ලාභදායී කර්මාන්තයක් වූ සංචාරක කර්මාන්තය.
               ලංකාවේ සංචාරක කර්මාන්තය නිසා විදේශීය ආදායමට විශාල දායකත්වයක් ලැබේ. විදේශ විනිමයද ලැබෙයි. 1960 වර්ෂයෙන් පසුව ලංකාවේ සංචාරක කර්මාන්තයේ විධිමත් සංවර්ධනයක් සිදු විය.


               මෙම ක්ෂේත්‍රයේ වර්ධනීය පියවරක් ලෙස 1966 වර්ෂයේදී ලංකාවේ සංචාරක මණ්ඩලය පිහිටු වීම සිදු විය. ඉන්පසු ලංකාවේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයක්ද ස්ථාපනය විය. 1992 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්වා වූ දස වසර තුළ සංචාරක ව්‍යාපාරයට අදාළ දස අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක වීම සුවිශේෂී වූ පියවරක් ලෙස සැළකිය හැක.

ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන අවශ්‍යතා.
             ලංකාවට මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපය, දකුණු අප්‍රිකාව, මධ්‍යධරණී රටවල්, රුසියාව, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, හා ඕස්ට්‍රේලියාව යන දේශ වලින් සංචාරකයෝ වැඩිපුර පැමිණෙති. ඔවුන් මෙරටට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථ කිහිපයකි. එනම්,
      
    1. විනෝදාස්වාදය ලැබීම.
    2. නිවාඩු කාලය ගත කිරීම.
    3. ව්‍යාපාරික කටයුතු කිරීම.
    4. සංස්කෘතික, ඓතිහාසික හා කලාත්මක දේ ආස්වාදනය කිරීම.
    5. ශාස්ත්‍රීය අධ්‍යාපනික හා පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක කටයුතුවල යෙදීම.
    6. ආගමික කටයුතු වලට සහභාගී වීම.
    7. ස්වභාව සෞන්දර්යය නැරඹීම.

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට හේතු වන සාධක.
     1. ලංකාවේ දර්ශනීය ස්වභාවික වන කලාප, වන ජීව නිකේතන, ගංගා, ඇළ දොළ, දිය ඇළි හා දැකුම්කලු මුහුදු තීර ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක් වීම.

     2. අති පෞරාණික ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක ලක්ෂණ පිළිබිඹු කරන නටඹුන් සහිත නගර රැසක් පැවතීම.

     3. ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හා සුහදතාවය පිළිබඳව ලොව පැතිර ඇති කීර්තිය.

     4. වෙනත් බොහෝ රටවල් හා සසඳන කල ලංකාවේ ආහාර පාන, ඇදුම් පැළදුම්, ඉදුම් හිටුම් සහ ප්‍රවාහන ගාස්තු ආදිය අඩු මිලක පැවතීම නිසා සාමාන්‍ය සංචාරකයන්ට මිල අඩු නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලැබීම.

    5. එලෙසින්ම ලංකාවේ නාට්‍ය ශාලා, සිනමා ශාලා, කෞතුකාගාර, වනෝද්‍යාන හා සත්වෝද්‍යාන ආදියට ඇතුළුවීම සඳහා ගෙවිය යුතු ගාස්තු සාපේක්ෂව පහත මට්ටමක පැවතීම.

    6. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, පඬුවස්නුවර, යාපහුව හා මහනුවර, ආදී නගරවල දක්නට ලැබෙන පෞරාණික නටබුන් සහිත ස්ථාන වලට පිවිසීමේ ගාස්තු අය නොකිරීම.

     7. ලංකාවේ ඉතාම ප්‍රශස්ත දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර, ඖෂධ හා චිකිත්සා ක්‍රම පැවතීම.

     8. ආගමික සංහිඳියාව අපේක්ෂා කරන විදේශිකයින්ට ඉතා පහසුවෙන් පිවිසිය හැකි ආරණ්‍ය සේනාසන සහ භාවනා මධ්‍යස්ථාන රැසක් තිබීම.

     9. මානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යන ශාස්ත්‍රීය අංශ පිළිබඳව උනන්දුවක් දක්වන විදේශීය විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් වන යාතු කර්ම, ආගමික චාරිත්‍ර, සංස්කෘතික අංග හා ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පැවති ස්ථාන තිබීම.


සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභ.
     1. දේශීය ආදායම වර්ධනය වීම.
     2. විදේශ විනිමය ලැබීම.
     3. සංචාරක සේවාව ආශ්‍රිත රැකියා නියුක්තිය ඉහළ යාම.
     4. සංචාරක පිරිස් වැඩිපුර පැමිණෙන ප්‍රදේශ විශේෂ සංවර්ධනයට ලක් වීම.
     5. අභය භූමි, උද්භිත උද්‍යාන හා සත්ත්වෝද්‍යාන ආදියේ පාලනය හා නඩත්තුව විධිමත් වීම.
     6. සාම්ප්‍රදායික කර්මාන්තවල නියුතු අයගේ අභිවෘද්ධිය සැලසීම හා ආදායම් තරවීම. ( රූකඩ, බතික්, පිත්තල භාණ්ඩ)
     7. සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ අභිවෘද්ධිය සැලසීම සහ එම කලා ශිල්ප පිළිබඳව අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලැබීම. ( උඩරට            නැටුම් කලාව, පහතරට නැටුම් කලාව, දේශීය චිත්‍ර කලාව, ලී කැටයම්, ජන සංගීතය.)
     8. අන්තර්ජාතික සහජීවනයට යොමු වූ මාර්ග පෑදීම.
     9. ලංකාවේ තරුණ පිරිස තුළ විදේශීය භාෂා ඉගෙනීමේ උනන්දුවක් ඇති වීම.
   10. දේශයේ යහපත් අංශ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබීම.



ලංකාවේ ධීවර කර්මාන්තය.















* ලංකාවේ ධීවර කර්මාන්තය ප්‍රධාන ලෙස කොටස් තුනකි. එනම්, 


1. කරදිය ධීවර කර්මාන්තය.
2. මිරිදිය ධීවර කර්මාන්තය.
3. කිවුල් දිය ධීවර කර්මාන්තය.

කරදිය ධීවර කර්මාන්තය.
. කරදිය ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.


1. මහද්වීපික තටක ප්‍රදේශයේ හෙවත් වෙරළබඩ ධීවර කර්මාන්තය.
2. ඈත මුහුදේ ධීවර කර්මාන්තය හෙවත් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය.

                 ලංකාවේ මුළු කරදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 90% ක් පමණ ලබා ගන්නේ වෙරළබඩ නැතහොත් වෙරළාසන්න ධීවර බිම්වලිනි. වෙරළාසන්න මුහුදින් ලබාගන්නා ප්‍රධාන මත්ස්‍ය වර්ග වනුයේ හාල්මැස්සා, සාලයා, සූඩයා,හුරුල්ලා, රන්නා, කොස්සා, දැල්ලා, ඉස්සා, පොකිරිස්සා යනාදී වර්ගයි. මෙහිදී භාවිතා කරන ප්‍රධාන ආම්පන්න මා දැල් සහ කුඩා සිදුරු සහිත දැල්ය. තවද බිලීපිති හා අතංගු යනාදිය භාවිතා වේ.

               ඈත මුහුදේ ධීවර බිම්වලින් ලබා ගන්නා ප්‍රධාන මත්ස්‍ය වර්ග නම් ඇටවල්ලා, අලගුඩුවා, කුම්බලාවා, තලපතා, කොප්පරා, තෝරා, මෝරා,  බලයා සහ කෙලවල්ලා යනාදියයි. මෙහිදී භාවිතා කරන ප්‍රධාන ධීවර ආම්පන්න වනුයේ ලොකු සිදුරු සහිත පාවෙන කරමල් දැල් සහ මෝර මරුවැල් යනාදියයි.

මිරිදිය ධීවර කර්මාන්තය.
              ලංකාව වර්ග කිලෝ මීටර් 1400 ක පමණ ජල වපසරියකින් යුත් මිරිදිය ජලාශ වලින් සමන්විතය. මෙරට බහුල ලෙස දැකිය හැකි මිරිදිය මසුන් නම් ලූලා, කොරලියා, පෙතියා, කනයා, හුංගා, මගුරා, ආඳා, මහවලයා, හිරිකනයා, හා තිලාපියා යනාදී වර්ගයි. මිරිදිය මසුන් බෝ කිරීමේ ම්‍යස්ථාන දඹුල්ල හා උඩවලව ඇතුලු තවත් ස්ථාන කිහිපයකම පිහිටුවා ඇත.

කිවුල්දිය ධීවර කර්මාන්තය.
              කිවුල්දිය ධීවර කර්මාන්තය දැකිය හැක්කේ කලපු, මෝය, කඩොල් වගුරු, ලවන වගුරු යනාදී කිවුල්දිය පිරුණු ස්ථාන ආශ්‍රිතවය.ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් හා විසිතුරු මසුන් මේවායේ දැකිය හැකි ප්‍රධාන මත්ස්‍ය වර්ගයන්ය. ඉස්සන් ගොවිපොළවල්ද කිවුල්දිය ධීවර කර්මාන්තයට අයත්ය.වයඹ පළාතේ පුත්තලම, හලාවත ආශ්‍රිත වෙරළබඩ තීරය ඉස්සන් ගොවිපොළවල් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

සාම්ප්‍රදායික නොවූ ධීවර කටයුතු.
             ඉහත කී ප්‍රධාන ධීවර කාර්මික අංශ හැරුණු කොට මුතු බෙල්ලන්, හක් බෙල්ලන්, මුහුදු කැකිරි, හා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල සිදු වේ. මෙම මුහුදු නිෂ්පාදන අපනයනය සඳහාම සිදු කෙරේ. චීනය ඒවායේ ප්‍රධාන ගැනුම් කරුවායි.

 මුතු පර.
         ලංකාවේ මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්දියක් උසුලන්නේ මන්නාරම් බොක්ක ආශ්‍රිතව මුතුපර පිහිටි ප්‍රදේශයන්ය. එහෙත් මෙම මුතු පරවල මුතු බෙල්ලන් ඇලලීම දැන් සිදු නොවේ. අවසාන වශයෙන් මේවායින් සාර්ථක ලෙස මුතු අස්වැන්නක් ලැබී ඇත්තේ 1925 හා 1958 යන වර්ෂ වලදීය.
          දැනට මන්නාරම් බොක්ක සහ පෝක් බොක්ක ආශ්‍රිත නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල හක් බෙල්ලන් ඇල්ලීම පමණක් සුළු වශයෙන් සිදු කෙරෙයි. ආභරණ සෑදීම සඳහා මෙම බෙල්ලන් උපයෝගී කර ගනියි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධීවර යාත්‍රා.
          ඔරු, පාරු, තෙප්පම්, වල්ලම්, පහුරු, කට්ටු මරම්.

ලංකාවේ යාන්ත්‍රික ධීවර යාත්‍රා. 
          පිටත සවි කළ එන්ජින් සහිත ධීවර යාත්‍රා.
          ටොන් 3 1/2 එක් දින ධීවර යාත්‍රා.
          බහු දින ධීවර යාත්‍රා.

වර්තමාන ධීවර කර්මාන්තයේ නව තාක්ෂණය.
     . ප්‍රතිධ්වනි මානය.
             මුහුදේ ගැඹුර හා මාළු අහින් සිටින ස්ථාන නිශ්චිතවම දැන ගැනීමට උපකාරී වේ.

     . සෝනාර්
             මෙම උපකරණයෙන් මුහුද යට ඇති ගල් පර හා ගිලී ගිය නෞකා ආදී ධීවර යාත්‍රා වලට හානි සිදු කළ හැකි දේ ඇති ස්ථාන ගැනත් මාළු අහින් සහ මුහුදේ ගැඹුර ගැනත් දැන ගැනීමට හැකිය.

     . රේඩියෝ මෙවලම්
              ගොඩබිම ඇති ධීවර කටයුතු පිළිබඳ මධ්‍යස්ථාන වල පැය 24 ම ක්‍රියාත්මක වන රේඩියෝ පහසුකම් තිබේ.ඒවා ඇමතිය හැකි රේඩියෝ මෙවලම් නවීන ධීවරයාත්‍රා බොහොමයක ඇත. මේවා ඔස්සේ ගොඩබිම සමග ත් ඈත මුහුදේ තිබෙන ධීවර යාත්‍රා එකිනෙක අතර ත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යාත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන් මිදීමට මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

     . කාලගුණ දෙපාර්තමේන්තුවේ සහය
              කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මගින් වැස්ස, කුණාටු හා සැඩ සුළං ආදිය ගැන කල් තියා දැනගන්නා තොරතුරු රේඩියෝ මෙවලම් මඟින් ධීවරයන්ට දැනුම් දෙයි. එයින් ඔවුන්ට තමන්ගේත් යාත්‍රා වලත් ආරක්ෂාව සලස්වා ගැනීමට සහ එලැඹුණු තත්වයට මුහුණ දීම සඳහා සූදානම් වීමට අවස්ථාව සැලසේ.
             වැඩි ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ වර්ණය, එම ජලයේ උෂ්ණත්වය, මුහුදේ සුළං හැමීම, දිය වැල් ගැලීම, උදම් රළ නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක් රොක් වී සිටින තැන් සහ උන් පීනා යන දිශාව ආදී කරුණු ගැන නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල් NOVA/ AVHRR, TERRA/ MODIS/ IRSIC/ NIFS R ආදී චන්ද්‍රිකාවන්ගෙන් ලැබෙන තොරතුරු භාවිතා කෙරෙති.

      . විද්‍යාත්මක මත්ස්‍ය අභිජනනය
                ඉතා වේගයෙන් දියුණු වී ඇති ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය ආදියේ උපකාරයෙන් කෑමට ප්‍රිය, රසැති, ගුණැති සහ අපථ්‍ය නොවන මත්ස්‍ය වර්ග තෝරා උන් දෙමුහුන් කිරීම ආදී ක්‍රම මඟින් නව වර්ග බිහි කර එම මත්ස්‍ය පැටවුන් වැව් ආදී අභ්‍යන්තර මිරිදිය ජලාශ වලට මුදා හැරීමේ ක්‍රමයක් ලංකාවේ මධ්‍යස්ථාන කිහිපයක සිදු වේ.

 ලංකාවේ අපනයන මත්ස්‍ය නිෂ්පාදන වර්ග
        ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, විසිතුරු මසුන්, හක් බෙල්ලන්, බෙල්ලන්, මෝර වරල්, වියළි මත්ස්‍ය වර්ග, ශීත කළ මසුන්.

මත්ස්‍ය නිෂ්පාදන ආනයනය
        ලංකාවට අවශ්‍ය ධීවර නිෂ්පාදන වලින් සෑහෙන ප්‍රමාණයක් විදේශ වලින් ආනයනය කෙරෙයි. කරවල, ටින් මාළු, ශීත කළ මාළු, උම්බලකඩ, වියළි හාල්මැස්සන් වැනි ධීවර නිෂ්පාදන ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඉන්දියාව, පාකිස්ථානය, ජපානය හා මාලදිවයින යන රටවලින් මේවා ආනයනය කෙරෙයි.

ධීවර වරායන් පිහිටි ස්ථාන
         හලාවත, මීගමුව, කොළඹ, බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, මයිලිඩ්ඩි, ත්‍රිකුණාමලය.

ධීවර වරායන්ට අමතරව මසුන් ගොඩ බාන අනෙකුත් ප්‍රධාන ප්‍රදේශ 
         පේසාලේ, මන්නාරම, කල්පිටිය, පුත්තලම, මොරටුව, බලපිටිය, වැලිගම, දෙවුන්දර, හම්බන්තොට, කල්මුනෙයි, මඩකලපුව, කෝකිලායි, මුලතිව්.



කෘෂි කර්මාන්තය.














ලංකාවේ කෘෂිකර්මය ප්‍රධාන කොටස් තුනකි. එනම්,
          1. යැපුම් කෘෂිකර්මය හෙවත් පාරිභෝගික කෘෂිකර්මය.
          2. ව්‍යාපාරික කෘෂිකර්මය.
          3. සත්ත්ව පාලනය.

 වී ගොවිතැන.

* විජය කුමරුගේ පැමිණීමට වසර 200 කට පමණ පෙර ලංකාවේ විසූ ආදි වාසීන් විසින් වී හදුනාගෙන තිබිණි.

* දැදුරු, මල්වතු, කලා, මහවැලි යන ගංඟා නිම්න වල වී වගාව මුලින්ම ආරම්භ වී රෝහණ දේශයේ මාගම හා දීඝවාපී ආදී ප්‍රදේශ වල ව්‍යාප්ත විය.

* රත් හාල්, හීනටි මා වී යනාදිය කුඹුරු වල වගා කරන අතර ඇල් වී ගොඩ කුඹුරු වල වගා කරයි.

* කුඹුරු වැඩ සඳහා අතීතයේ සිට සාම්ප්‍රදායික උපකරණ රැසක් භාවිතා විය. එනම් කොල දෙබල, දෑ කැත්ත, නගුල යනාදියයි.

* වර්තමානය වන විට නවීන වැඩ පහසුකර ගැනීමේ ක්‍රම භාවිතා කරයි.(ට්‍රැක්ටර් වැනි.)

* කෘමි නාශනය සඳහා කෙම් ක්‍රම, ලාටු ගෑ කුල්ල, ලාටු ගෑ රැහැන වැනි දේශිය ක්‍රම භාවිතා විය.

* යල ( අප්‍රේල් සිට සැප්තැම්බර්) සහ මහ ( ඔක්තෝබර් සිට ඊ ළඟ වර්ෂයේ මාර්තු) කන්න ප්‍රධාන වේ.

* කුඹුරු වපසරිය මැනීමට වී ආශ්‍රිත පෑල, යාල, අමුණ, බෙරය ආදී මිනුම් ක්‍රම භාවිතා විය.

* කුඹුරු වැඩ කිරීමේදී අත්තම් හා කයිය නැමති අන්‍යෝන්‍ය ශ්‍රම හුවමාරු ක්‍රම භාවිතා විය.

* කුඹුරු ගොවිතැන සඳහා අවශ්‍ය ජලය සපයා දීමට වැව්, අමුණු වේලි හා ඇළවල් තනා දීම රජුගේ වගකීමක් වූ අතර එම කටයුතු භාර අමාත්‍යවරු හා නිළධාරීන්ද පත්කොට තිබුණි. මේ කටයුතු සඳහා ගොවීන්ගේත් ගැමි ජනයාගේත් ශ්‍රමය ලැබිණි.

වී පර්යේෂණායතන පිහිටි ස්ථාන.
       මහ ඉලුප්පල්ලම.
       හිඟුරක්ගොඩ.
       බතලේගොඩ.
       බෝඹුවල.

වී පර්යේෂණායතන වලින් හඳුන්වා දෙනු ලැබූ වී වර්ග.
       මහ ඉලුප්පල්ලමින් එම්. අයි බීජ වර්ගය
       හිඟුරක්ගොඩින් එච්. බීජ වර්ගය
       බතලේ ගොඩින් බී. ජී. බීජ වර්ගය

ලංකාවේ වී වගා කරන ප්‍රදේශ.
       සාමාන්‍යයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වී වගා කරයි. එහෙත් වැඩිපුරම වී වගා බිම් ඇති දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලයයි.

කඳුකරයේ හෙල්මළු වී වගා බිම් වැඩි වශයෙන් පවතින ප්‍රදේශ.
         (හෙල්මළු යනු වී ගොවිතැන් කිරීම සඳහා ක්‍රමානුකූලව සකස් කරන ලද පඩි පේළි වැනි පටු ලියදිය.)
          දුම්බර සහ හේවාහැට.

ඇල් වී.
      මඩෙහි හෙවත් කුඹුරෙහි වපුරන ලබන වී "මඩ වී" යනුවෙන් හැඳින්වේ. "ඇල් වී" යනුවෙන් හැඳින්වෙන්නේ හේන්වල වපුරන වී ය. මේවා " ගොඩ වී" යනුවෙන්ද හැඳින්වේ. මඩ වී මෙන්ම ඇල් වී වර්ගද කිහිපයක් තිබේ. ඒ අතර රසයෙන් මෙන්ම සුවඳින්ද ප්‍රසිද්ධ ඇල් වී වර්ගයක් වනුයේ " රත්දල්" ය.

ලංකාවේ ගොයම් වලට හානි කරන ප්‍රධාන පලිබෝධක.
         කහ පුරුක් පණුවා.
         ගොඩ වෙල්ලා.
         කොපු පණුවා.
         ගොයම් මැස්සා.
         දුඹුරු පැළ කීඩෑවා.


             * හේන් ගොවිතැන.

ලංකාවේ මුල්ම ගොවිතැන් ක්‍රමය හේන් ගොවිතැන බව විද්වත් මතයයි.

* ඉඩම් තෝරාගෙන කැළෑ ගිනි තැබීම ඉන් පසු ධාන්‍ය වගා කිරීම, වැටවල් තනා හේන ආරක්ෂා කර ගැනීම ප්‍රධාන අංග විය.

*තල, උඳු, මෑ, කුරක්කන්, අබ, බටු වර්ග, වට්ටක්කා ආදිය හේන් වල වවන ලදී. අස්වැන්න අඩු වූ විට වෙනත් හේනක් සකසා ගැනීම සිදු විය.

* හේන් ගොවීහු අතීතයේදී 'කැති අඩ', ' සෙහෙන් කෙටුසර අය',  'සෙහෙන් කෙටුම් අය', 'කෙටූ කනබ අය' ආදී බදු රජුට ගෙවූ බව සෙල් ලිපි වලින් හෙලි වේ.

හේන් ගොවිතැන වැඩි වශයෙන් දක්නට ඇත්තේ.
      උතුරු මැද, වයඹ හා නැගෙනහිර යන පළාත් වලය.

                        * යැපුම් කෘෂිකර්මය හෙවත් පාරිභෝගික කෘෂිකර්මය.
  මෙයින් අදහස් වන්නේ පුද්ගලයින් විසින් හුදෙක් තම පාරිභෝජනය සඳහාම කරනු ලබන කෘෂිකර්මයයි. මේ සඳහා ගෙවතු වගාව ආදී ක්‍රම භාවිතා කළහ. පාරිභෝජනයෙන් පසු අතිරික්තයක් පැවතුණහොත් ඒවා අලෙවි කරනු ලබයි. අප රට යැපුම් කෘෂිකමයෙහි ලා ගැනෙන භෝග නම් වී, කුරක්කන්, ඉරිඟු, තල, මුං, කව්පි,සෝයා, විවිධ අලවර්ග, මිරිස්, රතු ළුෑණු, ඉඟුරු, කජු, රට කජු හා විවිධ එළවළු වර්ග යනාදියයි.

            * ව්‍යාපාරික කෘෂිකර්මය. ( වාණිජ භෝග.)
 ලංකාවේ ව්‍යාපාරික කෘෂිකර්මය, වතු වගාව, වතු කෘෂිකර්මය යනුවෙන්ද හැඳින්වෙයි. මෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ මුදල් ඉපයීමේ පරමාර්ථය මුල් කරගෙනම වගා කටයුතු සිදු කිරීමයි. මෙරට වාණිජ භෝග වගා කිරීම ආරම්භ වූයේ යුරෝපියයන්ගේ පැමිණීමෙන් පසුවයි. ඔවුන්ගෙන් පෘතිග්‍රීසිහු මෙරට ග්‍රාමීය පළාත්වල කුඩා ඉඩම් වශයෙන් කුරුඳු වගා කිරීම ඇරඹූහ. ලන්දේසීහු පෘතුග්‍රීසීන් අනුගමනය කරමින් කුරුඳු වගාව ව්‍යාප්ත කරන අතරම උක් වැනි භෝග වතු සේ වගා කිරීම හඳුන්වා දුන්හ. ඉංග්‍රීසිහු කෝපි, සිංකෝනා, තේ, රබර් හා කොකෝවා විශාල වතු වශයෙන් වවමින් අර්ධ වාණිජ භෝගයක් සේ පොල් වැවීම කෙරෙහි උනන්දු වූහ.

                  ලංකාව‍ේ මුල්ම කෝපි වත්ත1823 දී ගම්පොළ ආරම්භ කෙරුණි. ඉන්පසු හෙක්ටයාර් 1,40,000 ක පමණ බිම් ප්‍රමාණයක කෝපි වතු ව්‍යාප්තව පැවතී ඇත. වර්ෂ 1880 වකවානුවේදී දිලීර රෝගයක් නිසා කෝපි වගාව විනාශයට පත් වී තිබේ.

                  කෝපි වගාවෙන් පසු මෙරට ප්‍රචලිත වූයේ තේ වගාවය. මුල්ම තේ වත්ත 1867 දී මහනුවර දිස්ත්‍රික්කයේ හේවා හැට දී ආරම්භ විය.

                  රබර් වගාව ලංකාවට අවතීර්ණ වූයේ රබර් ආකර්ශණීය වෙළඳ භාණ්ඩයක් වූ නිසාත් රබර්වගාවට හිතකර ස්වභාවික තත්වයක් ලංකාව තුළ මැනවින් පැවතීමත් නිසාය. ලංකාවට රබර් ගස හඳුන්වා දී ඇත්තේ 1876 දීය. මෙම වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද පේරාදෙණිය, හෙනරත්ගොඩ, යන උද්භිත උද්‍යාන වල මුලින්ම රෝපණය කරවා ඇත. 1890 පමණ වන විට හෙක්ටයාර 100 ක් පමණ රබර් වතු ලංකාවේ පැවතී ඇත.

                     ලංකාවේ දැනට ව්‍යාපාරික මටටමින් කෙරෙන ප්‍රධාන භෝගයක් වන වතු පොල් වගාව පිළිබඳ ඉතා පැරණි ඉතිහාසයක් ඇත. පොල් වගාව ලාංකික ජන ජීවිතය හා ඉතා සමීප ලෙස බැදී පවතී. පොළොන්නරු යුගයේදී පොල් පාරිභෝජනය පිළිබඳ තොරතුරු චූල වංශයේ සඳහන් වේ. පසු කාලීනව ලන්දේසීන් විසින් මෙරට පොල් වගාව දියුණු කිරීමට අනුබල දී ඇත. එහෙත් ලංකාවේ පොල් වගාව වැඩි උනන්දුවකින් දියුණු කරවා ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසිනි.

ලංකාවේ ප්‍රධාන වැවිලි පිළිබඳ දත්තයන්.
    තේ.
. උඩරට තේ මුහුදු මට්ටමින් 1200m ට ඉහල ප්‍රදේශ වලත්,
 මැදරට තේ මුහුදු මට්ටමින් 600m හා 1200m අතර උසැති ප්‍රදේශ වලත්,
 පහතරට තේ මුහුදු මට්ටමින් 600m ට වඩා පහළ ප්‍රදේශ වලත් වැවේ.

. ලංකාවේ වැඩිපුර වගා කෙරෙන්නේ උඩරට තේය.

. අවුරුද්ද පුරා පැතිරුණු මි.මී 2000 - 5460 දක්වා වූ වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍යයයි.

. තේ බහුලව වගා කරන දිස්ත්‍රික්ක ලෙස මහනුවර, බදුල්ල, නුවරඑළිය, රත්නපුරය,    මාතලේ ගාල්ල හා මාතර හැඳින්විය හැකිය.

. ලංකාව කළු තේ, හරත තේ සහ ක්ෂණික තේ නිපදවයි.

. යුරෝපීය සංගමය, මැද පෙරදිග රටවල්, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, පාකිස්ථානය, තුර්කිය, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය යන රටවල්  ශ්‍රී ලංකා තේ මිලට ගනියි.

        රබර්.
. රබර් වගා කෙරෙන්නේ මුහුදු මට්ටමින් 300 m දක්වා වන උස් බිම් වලයි.

. අවුරුද්ද පුරා පැතිරුණු මි.මී. 2000 ට වැඩි වර්ෂාපතනයක් අවශ්‍යයයි.

. කෑගල්ල, කළුතර, රත්නපුරය, මාතලේ, කොළඹ, ගාල්ල, මාතර හා මහනුවර යන දිස්ත්‍රික්ක වල රබර් වගා කෙරේ.

. ෂීට් රබර්, ක්‍රේප් රබර්, කුට්ටි රබර්, දුම් ගැස්සූ රබර් හා සාන්ද්‍රිත රබර් කිරි යනාදිය ලංකාවේ රබර් නිෂ්පාදනයි.

. චීනය, බංගලාදේශය, ඒකාබද්ධ රාජ්‍යය, ඉරාකය, ජපානය, කොරියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, මෙක්සිකෝව හා ජර්මනිය ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මිලදී ගනියි.

      පොල්.
. කොළඹ, කුරුණෑගල හා හලාවත සම්බන්ධ කෙරෙන ත්‍රිකෝණාකාර පෙදෙස ( පොල් ත්‍රිකෝණය ) සහ කොළඹ සිට තංගල්ල දක්වා වූ පටු මුහුදුබඩ බිම් තීරය පොල් වැවෙන ප්‍රදේශයි.

. මුහුදු මට්ටමින් මීටර් 300 ට වඩා පහතින් පිහිටි වාර්ෂික වර්ෂාපතනය මි.මී 2000 සහ 2500 අතර ලැබෙන ප්‍රදේශ පොල් වගාවට ඉතා යෝග්‍යය.

. විවිධ පොල් නිෂ්පාදන ඇත. ඒවා නම් මෙසේය.

    1. පොල් තෙල්, කොප්පරා, පුන්නක්කු, මාගරින, සබන්, පොල් කිරි පිටි, කපාපු පොල් ( DC)

    2. පොල් කටු හැඳි, පොල් කටු වලින් සාදන විසිතුරු බඩු.

    3. ලණු, ලොකු කඹ, බුරුසු, ලණු පැදුරු, කොසු, පාපිසි.

    4. පරාල, රීප්ප, උළුවහු, ජනෙල්, විසිතුරු දැව භාණ්ඩ.

    5. රා, විනාකිරි, පැණි , අරක්කු හා විවිධ මත්පැන් නිපදවන මධ්‍යසාර.

 . ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් 70% ට පමණ දේශීය පරිභෝජනය සඳහා ගනු ලබයි.

                * සුළු අපනයන භෝග.
කුරුඳු.
   . තෙත වියළි තැනිතලා බිම්වල වැවේ.
   . කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට හා ගම්පහ යන දිස්ත්‍රික්ක වල කුරුඳු වගාව වැඩියෙන් දක්නට ලැබේ.

කෝපි.
    . මුහුදු මට්ටමින් මීටර් 750 දක්වා උසැති පෙදෙස්වල වැවේ.

    . වාර්ෂික වර්ෂාපතනය මි.මී 1770 සහ 2030 අතර වීම අවශ්‍ය වේ.

    . කළුතර, රත්නපුරය, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්ක වල වැවේ.

කරදමුංගු, කරාබු නැටි, සාදික්කා.
    . වාරෂික වර්ෂාපතනය මි.මී 1500 ක් වූ කඳුකර ප්‍රදෙශවල වැවෙ.

    . මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම භෝග වැවේ.

                     * විවිධ භෝග සඳහා ප්‍රසිද්ද ප්‍රදේශ.

. කජු - පුත්තලම, බටලීය, නැදගමුව, ගම්පහ.

. අන්නාසි - ගම්පහ, මිනුවන්ගොඩ.

. රඹුටන් - මල්වාන.

. දොඩම් - බිබිල, ඌරණිය, වැල්ලවාය.

. මැංගුස් - කළුතර.

. එළවළු - නුවරඑළිය, රාගල, වැලිමඩ, දඹුල්ල.

. තේ - නුවර එළිය, දෙණියාය.

. තල් - යාපනය, පුත්තලම, කල්පිටිය.

. පොල් - හලාවත, කුරුණෑගල, ලුණුවිල.

. ළුෑණු - යාපනය.

. මිදි - යාපනය.

. මිරිස් - යාපනය.

. අර්තාපල් - නුවරඑළිය.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...