Pages

ශ්‍රී ලංකාවේ පිහිටීම























ශ්‍රී ලංකාවේ අක්ෂාංශ හා දේශාංශ.
          උතුරු අක්ෂාංශ 5° 55' හා 9° 51' අතර සහ නැගෙනහිර දේශාංශ 79° 42' හා 81° 52' අතර පිහිටා ඇත.

ශ්‍රී ලංකාවත් සමකයත් අතර දුර ප්‍රමාණය.
          සමකයට 880 km ක් පමණ උතුරින් ලංකාව පිහිටා ඇති බව අනුමාන වේ.


* ලංකාව වටා ඇති සාගරය.
           ඉන්දියන් සාගරය.

ඉන්දියන් සාගරයේ ලංකාවට ආසන්නයේම පිහිටි කුඩා දූපත්.
           මාල දිවයින, අන්දමන් දූපත්, නිකොබාර් දූපත්.

ලංකාවත් ඉන්දියාවත් අතර ඇති සමුද්‍ර සන්ධිය.
            පෝක් සමුද්‍ර සන්ධිය. මෙය හරහා ලංකාවේ සිට ඉන්දියාවට ඇති දුර 32 km පමණ වේ.

මහද්වීපික තටකය.
             ලංකාව වටා 65.5 m පමණ සම ගැඹුරු රේඛාවෙන් මායිම් වන මුහුදු තීරය ලංකාවේ මහද්වීපික තටකය නම් වේ. මෙය ලංකාව වටා 8km සිට 40km තෙක් පැතිරේ.

* ශ්‍රී ලංකාවේ දිග.
      උතුරු කෙලවරේ පේදුරු තුඩුවේ සිට දකුණු කෙලවරේ දෙවුන්දර තුඩුව දක්වා 432 km ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ පළල.
        බටහිර දෙසින් කොළඹ සිට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද දක්වා 224km පමණ වේ.

දිවයින වටා පිහිටි වෙරළ තීරයේ මුලු දිග.
       1700 km.

මුලු භූමි ප්‍රමාණය.
       ජලාශ සමග වර්ග කි.මී. 65610.
       ජලාශ හැර වර්ග කි.මී.62705.
ජලාශ සමග ලංකාවේ මුලු වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් වලින් නම් වර්ග සැතපුම් 25332 කි.

ලංකාවට අයිති මුහුදු ප්‍රදේශය.
          වර්ග කි.මී. 4574000 ක් පමණ වේ.

ශ්‍රී ලංකාව ඇතුළත කවර ස්ථානයක සිට හෝ මුහුදු වෙරළට ඇති දුර.
            උපරිම වශයෙන් 113km ක පමණ දුරක් හෝ ඊට අඩු දුරකි.

භෞමීය සමුද්‍ර කලාපය.
           මෙම කලාපය තුල අප රටට ගුවන් සීමාව, මුහුද, මුහුදු පතුල සහ එම අභ්‍යන්තර අයිතිය ලංකාවට හිමිය. ලංකාවට උචිත පරිදි නීති රීති පනවා ගැනීමට හිමිකම් තිබේ.
දුර නාවික සැතපුම් 12 කි.

ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය.
         මෙම කලාපයේ ජලස්කන්දයත් මුහුදු පතුලේ සහ එම උප පෘෂ්ඨයේ සම්පත්වල අයිතිය ලංකාවට හිමි වේ.

යාබද කලාපය.
         මෙම කලාපය තුල ලංකාව දේශ සීමාව සහ භෞමීය සමුද්‍රය තුල ආගමන විගමන, රේගු ආදායම් සහ පාරිසරික නීති පවත්වා ගැනීමටත් ඒවා උල්ලංඝනය කරන අයට දඩුවම් දීමටත් අයිතිය ලංකාව සතුය. නාවික සැතපුම් 24 ක දුර ප්‍රමාණයකි.
       
         

                                    භූ විෂමතාවය.
* භූ විෂමතා ලක්ෂණ අනුව බෙදිය හැකි ප්‍රධාන කොටස්.
     1. වෙරළබඩ තැනිතලාව - මුහුදු මට්ටමේ සිට 30 m දක්වා උස් වූ තැනිතලා ප්‍රදේශය.
     2. අභ්‍යන්තර තැනිතලාව - භූමියේ උස 30-300m අතර ප්‍රදේශය.
     3. කදුකර කලාපය - භූමියේ උස 300 m ට ඉහල ප්‍රදේශය.

වෙරළබඩ තැනිතලාවේ භූ විෂමතා ලක්ෂණ.
      මහද්වීපික තටකය, දූපත්, ඉවුරු, කලපු, බොකු, ලේවාය, වැලිපර, තුඩු, වගුරුබිම්, ඩෙල්ටා.

අභ්‍යන්තර තැනිතලාවේ භූ ලක්ෂණ.
     තැනින් තැන පිහිටි ශේෂ කදු

කදුකර කලාපයේ භූ ලක්ෂණ.
     කදුවැටි, සානු, නිම්න, මොහොර, උස් කදු, කපොලු, ගංගා සහ දිය ඇලි.
* ආග්නේය පාෂාණ හා විපරිත පාෂාණ යන වර්ග දෙකින් ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 90% ක් පමණ සෑදී ඇත.

* ශ්‍රී ලංකාවේ හමුවන මහා පාංශු ගණ.
     1. තෙත් කලාපයට සීමා වූ පස් වර්ග.
          . රතු දුඹුරු ලැටසෝල්ස් පස.
          . රතු කහ පොඩිසොලික් පස.
          . තණ බිම් පොඩිසොලික් පස.
          . ගොහොරු සහ අර්ධ ගොහොරු පස.
    
      2. වියළි කලාපයට සීමා වූ පස් වර්ග.
          . රතු දුඹුරු පස
          . රතු කහ ලැටසෝල්ස් පස
          . ක්ෂාරීය සහ ලවණ පස
          . ක්ෂාරීය නොවන දුඹුරු පස
          . ග්‍රැමුසෝල්ස් පස
          . අපරිණත දුඹුරු ලොම් පස

      3. වියළි සහ තෙත් කලාප වලට අයත් පස් වර්ග
          . දියලු පස
          . රෝගො සෝලිස් පස
          . දුර්වල ජලවහනයක් පවතින හියුමික් පස.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...