Pages

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය


















ශ්‍රී ලංකාවෙි ජාතික කොඩිය.
 ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ ලංකාවේ වසන දමිළ සහ මුස්ලිම් ජනතාව හඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදු දහමේ සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුද්තා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය නිරූපණය කෙරෙයි.


. ජාතික කොඩියේ ඇතුළත් සංකේත
          කඩුවක් අතින් ගත් සිංහයා    - නිර්භීතකම.
          රතු පාට පසුබිම                        - අභිමානය.
          බෝපත් සතර                            - ධාර්මිකභාවය.
          තැඹිලි පාට තීරුව                    - දමිළ ජනතාව.
          කොළ පාට තීරුව                     - මුස්ලිම් ජනතාව.

. ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව
             එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා.
             මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා.
             ටී. බී ජයා මහතා.
             ජී.ජී පොන්නම්බලම් මහතා.
             ජේ. ආර් ජයවර්ධන මහතා.
             ලලිත් රාජපක්ෂ මහතා.
             ජෝන් කොතලාවල මහතා.


  2 ජාතික ගීය -
                                 
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා



    3  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංජනය














      රාජ්‍ය ලාංජනය පාවිච්චි කිරීමේ බලය හිමිව ඇත්තේ රටේ ආණ්ඩුවටය. දැනට ලංකාවේ භාවිතා වන රාජ්‍ය ලාංජනය හදුන්වා          දුන්නේ 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේය.

   . රාජ්‍ය ලාංජනයේ ඇතුලත් සංකේත
        සිංහයා         - නිර්භීතකම.
        පුන්කලස     - සමෘද්ධිය
        ඉර හද          - චිරජීවනය
        ධාන්‍ය කරල් - සශ්‍රීකත්වය
        ධර්ම චක්‍රය  - ධාර්මික භාවය හා සාධාරණත්වය
        නෙළුම් පෙති - පිවිතුරු බව හා උතුම් බව

    . රාජ්‍ය ලාංජනයේ නිර්මාතෘවරු

         කලාශූරී මාපලගම විපුලසාර හිමි සහ එච්. එම් සෙනෙවිරත්න මහතා.


     4 ජාතික ඇඳුම



ජාතික ඇඳුම සිංහල, බෞද්ධ, සංස්කෘතිය, භූගෝලීය සාදක පාධක කර ගනිමින් තිරණය වූවකි.

1921 දී පමණ ජාතික ඇඳුම පිළිබදව යම් එකගතාවයකට පැමිණ නමුත් 1939 නැවත මතභේද ඇතිවිය. ඒ අනුම අපගේ සිංහල ජනතාවගේ ජාතික ඇදුම වශයෙන් පිරිමි අත් දිග කමිසය හා වේට්ටිය හෝ සරමත්, කාන්තාවන් සදහා ඔසරිය හා හැට්ටයත් , ගැහැණු ළමුන් සදහා ළමා සාරිය හා මන්තය යෙදූ හැට්ටයත්  අප‍ගේ ජාතික ඇදුමට අයත්වේ.

     5 ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්මානෙල් මල විද්‍යාත්මකව Nymphaea stelata යන නමින් හඳුන්වයි. 1986 පෙබරවාරි 26 සිට නිල්මානෙල් මල ලංකාවේ ජාතික පුෂ්පය ලෙස තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල්මානෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේ ය. රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම. උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිඳුන්ට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.) බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම. මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
නිල්මානෙල් මල ශ්‍රී ලංකාව පුරා නොගැඹුරු ජලයේ ව්‍යාප්ත වී ඇත. නිල් පාටත් දම් පාටත් සංයෝග වී සෑදුණු පෙති සමූහයකින් හා රත්‍ පැහැයට හුරු කහ පාටින් යුතු කෙමියකින් සමන්විත තාරකාවක් බඳු නිල්මානෙල් මල ඉතා අලංකාර පුෂ්පයකි.‍
මෙය උදෑසන පිපී දවස පුරාම රැඳෙන අතර පත්‍ර ඉතා තද කොළ පැහැති ය. මන බඳින සුවඳින් යුත් නිල්මානෙල් මල පිවිතුරු බවේ හා සත්‍යයේ සංකේතය ලෙස ද ගෞරවය දිනා ඇත. ලොව අටවන පුදුමය ලෙස ගැනෙන සීගිරියේ ඇති බිතු සිතුවම් වල ඉන්නා සීගිරි අප්සරාවන් ගේ දෑත් ද නිල්මහනෙල් මලින් සැරසී ඇති බව පුරා විද්‍යඥයින් ගේ මතය යි. දේශිය වෛද්‍ය ඹෟෂධ නිෂ්පාදනය ද මෙම මල යොදා ගනී. පරිසරයේ සිසිල් බව රැක දෙමින්, මන බඳින්නා වූ සුමුසු සිසිලස විදහා දක්වමින්, විල්තලය මත විරාජමාන වූ නිල්මහනෙල් මල් රාජීණිය දැයේ අභිමානයයි


   6 ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස  Mesua nagassarium යන උද්භිද නාමයෙන් හැඳින්වෙන නා ගස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.
ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.
  •  *ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
  •  *ශාඛයේ ප්‍රයෝජනවත් බව.
  •  *ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
  •  *බාහිර ස්වරූපය.
  •  *පුළුල් ව්‍යාප්තිය.
  •  *පැහැය සහ ස්වභාවය.
  •  *පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.
වැසි වනාන්තරවල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්ත ය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නො කරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.
බුදුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවේ දී මහියංගනයේ නා ගස් විමනකට පැමිණි බව දැක්වේ.


    7  ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා Gallus lafayetii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වලිකුකුළා වේ.වලි කුකුළා නමින් උච්චාරණය කළ ද මේ සත්ත්වයාගේ නම වල කුකුළා හෙවත් කැලෑ කුකුළා ය.
මේ සත්ත්වයා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා සේ නම් කළේ 1986 දී ය. වලි කුකුළා අප රටට ආවේණික ඒක දේශික පක්ෂියෙකි.
වලිකුකුළාගේ හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමලය මැද කහ පැහැති ලපයකි. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිත ය. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී. රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්ත ය.

උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප‍්‍රදේශවල දැකිය හැකි වලිකුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි

8  ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා
  
 ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා දඬුලේනා වේ.
දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa macroura වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හඳුන්වයි. දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශවල දැක ගත හැකිය.
25cm ක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්, රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත. දුඹුරු රතු අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක. මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය .එක් ගසක සිට 6mක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය. දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි.


ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව
     
      ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ සිට වොලිබෝල් ක්‍රීඩාව නම් කර ඇත.
වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වනලෙස පහරදීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමය යි. මෙම පතිත කරවීම සිදුකරනුයේ පිළිගත් නීති මාලාවකට අනුව යි.


10  ශ්‍රී ලංකාවේ ජාතික මැණික
       ශ්‍රී ලංකාවේ ජාතික මැණික නිල්මැණික වේ.

නිල්මැණික් අතරින් ලංකාවේ නිල්මැණික්වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේණික වූ පැහැය, සුපිරිසිදු බව හා දීප්තිමත් බව නිසාම ය.

 මෙරට මැණික් ප්‍රභේද හතලිහකට වැඩි ප්‍රමාණයක් ඇත. නිල් මැණික් ඉහළ ඉල්ලුමක් ඇති මැණික් ගල් අතරට අයත් වේ.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...