Pages

ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු
















ලංකාවේ ආර්ථික ව්‍යුහයේ ප්‍රධාන අංශ.
    1. කෘෂිකාර්මික අංශය.
    2. කාර්මික අංශය.
    3. සේවා අංශය.

නිදහසින් පසු පැවති එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති.
    1948 - 1959 -: නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලය.
    1960 - 1977 -: ආර්ථික පාලනයට යටත් වූ කාලය.
    1977 න් පසු -: විවෘත ආර්ථිකය.

ලංකාවේ ප්‍රධාන දිළිදු සහනාධාර ක්‍රම.
    1942 සිට 1979 දක්වා නොමිලේ සහල් සලාකය.
    1979 දී ආහාර මුද්දර ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
    1989 දී ජනසවිය හදුනුවාදීම.
    1994 දී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරීම.

* 1973 දක්වා රජයේ මුදල් වර්ෂය ලෙස ගණන් ගත්තේ ඔක්තෝබර් 1 සිට අනෙක් වර්ෂයේ සැප්තැම්බර් 30 දක්වා වූ මාස 12 ක කාලයයි. එහෙත් 1973 සිට රජයේ මුදල් වර්ෂය ලෙස ගණන් ගන්නේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා වූ මාස 12 ක කාලයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව.
      1950 වර්ෂයේ ලංකා මහ බැංකුව යන නමින් ආරම්භ කරන ලද මෙය 1985 වර්ෂයේ සිට " ශ්‍රී ලංකා මහ බැංකුව " යන නමින් හදුන්වන ලදී.
          රටේ ව්‍යවහාර කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ පූර්ණ බලධරයා ශ්‍රී ලංකා මහ බැංකුවයි. එමෙන්ම රටේ කාසි හා නෝට්ටු අවලංගු කිරීමේ හා ඒවාට සමාන අලුත් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ බලය ද ශ්‍රී ලංකා මහ බැංකුව සතුය.

ලංකාවේ උද්ධමනය මැනීමට උපයෝගී කර ගන්නා ප්‍රධාන දර්ශක.
       කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකය.
       මහ කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකය.
       තොග අලෙවි මිල දර්ශකය.
       දළ දේශීය නිෂ්පාදනයේ අවධමනකය.

ලංකාවේ ජීවන වියදම මැනීමේ නිල දර්ශකය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ,
          කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශනයයි.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...