Pages

ශ්‍රී ලංකාවේ ගමනාගමනය















ලංකාවේ මහාමාර්ග ඉදි කරවීමේ පුරෝගාමියා.
         සර් එඩ්වඩ් බාර්න්ස් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාය. ඔහුගේ ආණ්ඩු කාලය 1824 සිට 1831 දක්වා විය. කොළඹ - මහනුවර සහා මාර්ගය ඇතුළු තවත් මහා මාර්ග කිහිපයක් සර් එඩ්වඩ් බාර්න්ස් ගේ කාලයේදී සාදවන ලදී.


අතීතයේ මෙරට පැවති වරායවල්.
      මහා තිත්ථ, ගෝකන්ණ, දඹකොළ පටුන, ඌරා තොට, දේවනගර, ගොඩවාය, හම්බන්තොට.

වර්තමාන ලංකාවේ වරායවල්.
      ප්‍රධාන වරාය - කොළඹ වරාය
     අනෙකුත් වරායන් - ගාල්ල, ත්‍රිකුණාමලය.

වරායවල වර්ග ප්‍රමාණයන්.
      කොළඹ වරාය - හෙක්ටයාර 201.5
      ගාල්ල වරාය - හෙක්ටයාර 320.0
      ත්‍රිකුණාමල වරාය - හෙක්ටයාර 202.3

ලංකාවේ සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ ආරම්භය.
        යටත් විජිත රජය විසින් තැපැල් ගුවන් සේවාවක් එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ලංකාව අතර 1932 දී ආරම්භ කරන ලදී. මෙය මෙරට සිවිල් ගුවන් සේවයේ ආරම්භය සේ සැළකෙයි.
ජාතික ගුවන් සේවයේ සිදු වී ඇති ප්‍රධාන වෙනස්කම්.
          ජාතික ගුවන් සේවය මුලින්ම හැඳින්වූයේ " ලංකා ගුවන් සේවය" ( එයාර් සිලෝන් ) යනුවෙනි. එය 1947 දී පිහිටුවන ලදී.
           එයාර් සිලෝන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්කොට සමාගම් ආඥා පනත යටතේ 1979 දී " එයාර් ලංකා" සමාගම පිහිටුවන ලදී.
            එයාර් ලංකා සමාගම තව දුරටත් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කොට එම්රේට්ස් ගුවන් සමාගම හා එක්ව 1998 දී " ශ්‍රී ලංකා ගුවන් සේවය පිහිටුවන ලදී.

ලංකාවේ ගුවන් තොටුපළවල්.
. ප්‍රධාන ගුවන් තොටුපොළ - කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ.
. අනෙකුත් දේශීය ගුවන් තොටුපළවල් - රත්මලාන, වීරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය, පලාලි, අනුරාධපුරය, කොකාගල, අම්පාර, හිගුරක්ගොඩ, වව්නියාව, මත්තල.

බස් මගී සේවාවන් සැපයීම සදහා රජය විසින් පෞද්ගලික අංශයට අවසර දෙන ලද්දෙ.
       1979 දීය. ( පෞද්ගලික බස් සේවා පනත 1983 දී සම්මත කෙරිණි.)

ලංකාවේ මහාමාර්ග වර්ග කර ඇති ආකාරය.
         A පන්තියේ මාර්ග
         B පන්තියේ මාර්ග
         C පන්තියේ මාර්ග
         D පන්තියේ මාර්ග
         E පන්තියේ මාර්ග
A පන්තියේ මාර්ග යනු සියලුම ප්‍රධාන මාර්ගයන්ය.ඒවා තාර දමා හොදින් සකස් කර ඇත.B පන්තියේ මාර්ගද තාර දමා ඇති අතර සුළු ප්‍රතිශතයක් බොරළු අතුරාද ඇත. C පන්තියේ මාර්ග තාර දමා සහ බොරළු අතුරා සකස් කර ඇත. D පන්තියේ මාර්ග බොරළු ඇතිරීමෙන් පමණක් සකස් කර ඇත. E පන්තියේ මාර්ග යනු ප්‍රාදේශික  පටු පාරවල්ය.
            මේ සියලුම මාර්ග මධ්‍යම රජය හෝ පළාත් සභා විසින් නඩත්තු කරනු ලබන මාර්ගයන්ය.

දුම්රිය සේවාව.
       ලංකාවේ පළමු දුම්රිය මාර්ගය වන කොළඹ-මහනුවර දුම්රිය මාර්ගය තැනීම ආරම්භ කරන ලද්දේ 1858 දීය. එම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූයේ සර් හෙන්රි වෝඩ්ය.
දුම්රිය ස්ථාන සංඛ්‍යාව.
         ප්‍රධාන දුම්රිය ස්ථාන - 164
         උප දුම්රිය ස්ථාන - 134

දුම්රිය මාර්ග පද්ධතියේ මුලු දිග.
        පුළුල් දුම්රිය මාර්ග - කි.මී. 1404
        පටු දුම්රිය මාර්ග - කි.මී. 59

දුම්රිය මාර්ග.
ලංකාවේ තුන් ආකාරයක දුම්රිය මාර්ග ඇත.
       පළල් දුම්රිය මාර්ග.
       පටු දුම්රිය මාර්ග.
       ද්විත්ව දුම්රිය මාර්ග.

පළල් දුම්රිය මාර්ග.
1. ප්‍රධාන දුම්රිය මාර්ගය (බදුලු දුම්රිය මාර්ගය )
          කොළඹ කොටුව සිට බදුල්ල දක්වා.

2. මාතලේ දුම්රිය මාර්ගය.
        පේරාදෙණියේ සිට මාතලේ දක්වා.

3. පුත්තලම් දුම්රිය මාර්ගය.
        රාගම සිට අරුවක්කාල දක්වා.

4. උතුරු දුම්රිය මාර්ගය.
        පොල්ගහවෙල සිට කන්කසන්තුරේ දක්වා.

5.තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය.
       මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්වා.

6. මඩකලපුව දුම්රිය මාර්ගය.
       මහව සිට මඩකලපුව දක්වා.

7. ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය.
       ගල් ඔය සිට ත්‍රිකුණාමලය දක්වා.

8. වෙරළබඩ දුම්රිය මාර්ගය.
         කොළඹ කොටුව සිට දික්වැල්ල දක්වා.

9. කැළණිවැලි දුම්රිය මාර්ගය.
         කොළඹ කොටුව සිට පාදුක්ක දක්වා.

10. මිහින්තලේ දුම්රිය මාර්ගය.
         අනුරාධපුර සිට මිහින්තලේ දක්වා.

පටු දුම්රිය මාර්ග.
1. කැළණි දුම්රිය මාර්ගය.
         පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා.

ද්විත්ව දුම්රිය මාර්ග.
1. ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා.
2. වෙරළබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා.

ප්‍රදීපාගාර පිහිටුවා ඇති ස්ථාන.
               කුඩා රාවණා කොටුව, මහා රාවණා කොටුව, මඩකලපුව, ෆවුල් තුඩුව, මුලතිව්, කන්කසන්තුරේ, කරෙයිතිව්, පේදුරු තුඩුව, තලෙයිමන්නාරම, කොළඹ, බේරුවල, ගාල්ල, දෙවුන්දර තුඩුව.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...