Pages

අධිකරණ තොරතුරු














ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරණ අධිකරණ පනතට අනුව හා 1987 13 වන සංශෝධනය අනුව ශ්‍රී ලංකාවේ අධිකරණය පහත දක්වා ඇති පරිදි සකස් වී ඇත.

 

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

 

මුල් අවස්ථා අධිකරණ                                     

අභියාචනා අධිකරණ

ශ්‍රේෂ්ඨාධිකරණය     

අභියාචනාධිකරණය         

පළාත් බද මහාධිකරණය

 

ප්‍රාථමික අධිකරණය    මහේස්ත්‍රාත් අධිකරණය     දිසා අධිකරණ     මහාධිකරණය

 

අධිකරණයේ කාර්ය භාරය වන්නේ

අධිකරණය හමුවට ඉදිරිපත් කරන ආරවුල් අපක්ෂපාතීවත් නීතියට අනුකූලවත් විසඳීම යි.

 

මුල් අවස්ථා අධිකරණ

ප්‍රාථමික අධිකරණය

අවම වශයෙන් වසර 3 ක වෘත්තීය අද්දැකීම් ලත් නීතිඥවරුන් අතරින් අධිකරණ සේවා කොමිසම මඟින් පවත්වනු ලබන විභාගයක ප්‍රතිඵල මත හා සම්මුඛ පරීක්ෂණයකින් පසු ප්‍රාථමික අධිකරණය විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ.

මහේස්ත්‍රාත් අධිකරණය

අවම වශයෙන් වසර 3 ක වෘත්තීය අද්දැකීම් ලත් නීතිඥවරුන් අතරින් අධිකරණ සේවා කොමිසම මඟින් පවත්වනු ලබන විභාගයක ප්‍රතිඵල මත හා සම්මුඛ පරීක්ෂණයකින් පසු මහේස්ත්‍රාත් අධිකරණය විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ.

දිසා අධිකරණය

මහේස්ත්‍රාත්වරුන් වශයෙන් කටයුතු කරන විනිශ්චයකාරවරුන් අතරින් ජ්‍යේෂ්ඨත්වය මත අධිකරණ සේවා කොමිසම මඟින් දිසා අධිකරණය විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ.

 

අභියාචනා අධිකරණ

පළාත් බද මහාධිකරණය

1988-01-26 දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් නවය සඳහා අභියාචනා බලතල ඇති මහාධිකරණ නවයක් පිහිටුවීමට විධිවිධාන යොදන ලද අතර පළාත් බද මහාධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාට ය.

ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය

අභියාචනාධිකරණ සභාපතිගෙන් සහ වෙනත් විනිශ්චයකාරවරුන් හය දෙනෙකුට නොඅඩු දොළොස්දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකගෙන් සමන්විත වේ. අභියාචනාධිකරණ සභාපති ජනරජයේ ජනාධිපති විසින් පත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය, අග්‍ර විනිශ්චයකාරවරයාගෙන් හා හය දෙනෙකුට නොඅඩු එකොළොස් දෙනෙකුට නොවැඩි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවකගෙන් යුක්ත වෙයි. අග්‍ර විනිශ්චයකාරවරයාගේ පත්වීම ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබේ.



තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...