Pages

ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ


ලංකාවේ ප්‍රථම වැව.
         ඓතිහාසික සාධක අනුව මෙරට පැරණිම වැව ලෙස දැනට හදුනාගෙන ඇත්තේ අනුරාධපුර පිහිටි බසවක්කුලම වැවයි. අභය වැව යනුවෙන් පුරාණයේදී මෙම වැව හදුන්වා ඇත. මෙය තනවා ඇත්තේ පණ්ඩුකාභය රජු විසිනි.



* ලංකාවේ පැරණි වැවක ප්‍රධාන අංග.
          වැව් බැම්ම.
          බිසෝ කොටුව.
          සොරොව්ව.
          රළපනාව. 
          පිටවාන.

ප්‍රධාන වැව් සහ ඒවා සෑදවූ රජවරු.
      .බසවක්කුලම වැව - පණ්ඩුකාභය රජු.
      .තිසා වැව - දේවානම් පියතිස්ස රජු.
      .පදවිය වැව, කුරුදු වැව, නාච්චදූව වැව - දෙවන මුගලන් රජු.
      .මාමඩුව වැව - පළමුවන අග්බෝ රජු.
      .කන්තලේ වැව, ගිරිතලේ වැව - දෙවන අග්බෝ රජු.
      .පරාක්‍රම සමුද්‍රය, පඬා වැව - මහා පරාක්‍රමභාහු රජු
      .මහ විලච්චිය වැව, මානාකැටිය වැව, නොච්චිපොතාන වැව, හිරිවඩුන්න වැව - වසභ
       රජු.
      .මින්නේරිය වැව, හුරුළු වැව, මහකනදරාව වැව, කවුඩුල්ල වැව - මහසෙන් රජු.
      .කලාවැව - ධාතුසේන රජු.

ප්‍රධාන වාරිකර්මාන්ත හා ඒවා කරවූ රජවරු.
         . ජය ගඟ හෙවත් යෝධ ඇළ - ධාතුසේන රජු.
         . අංගමැඩිල්ල ඇළ - මහා පරාක්‍රමභාහු රජු.
         . මිණිපේ අමුණ හා ඇළ - පලමුවන අග්බෝ රජු.
         . ඇළහැර ඇළ - වසභ රජු.

පැරණි වැව් සදහා ප්‍රධාන වශයෙන් ආශ්‍රිත වී ඇති ගංඟා.
      මල්වතු ඔය, මහවැලි ගඟ, කලා ඔය, කුඹුක්කන් ගඟ, කිරිඳි ඔය, වලවේ ගඟ, දැදුරු ඔය, ගල් ඔය, යාන් ඔය.

නූතන ජල සම්පාදන ක්‍රම යටතේ ඉදි වී ඇති ප්‍රධාන ජලාශ
     ගල් ඔය ආශ්‍රිතව - සේනානායක සමුද්‍රය, උඩවලවේ ජලාශය, සමනල වැව ජලාශය.
     වලවේ ගඟ ආශ්‍රිතව - චන්ද්‍රිකා වැව.
      කිරිදි ඔය ආශ්‍රිතව - ලුණුගම්වෙහෙර ජලාශය.
      හැඩ ඔය ආශ්‍රිතව -  හැඩ ඔය ජලාශය.
      මී ඔය ආශ්‍රිතව - ඉඟිනිමිටිය ජලාශය.
      කලා ඔය ආශ්‍රිතව - රාජාංගන ජලාශය.
      මල්වතුඔය ආශ්‍රිතව - මල්වතු ඔය ජලාශය.
      කැළණි ගඟ ආශ්‍රිතව - පර කැලේ ජලාශය, ඉඹුලාන ජලාශය.
      නිල්වලා ගඟ ආශ්‍රිතව - හුලංදාව ජලාශය.
      ගිං ගඟ ආශ්‍රිතව - මදු ගැට ජලාශය.
      කළු ගඟ ආශ්‍රිතව - කළු ගඟ ජලාශය.
      යාන් ඔය ආශ්‍රිතව - හොරොව්පතාන ජලාශය.
      මහවැලි ගඟ ආශ්‍රිතව - මාදුරු ඔය, උල් හිටිය, රන් ටැඹේ, රන්දෙණිය, කොත්මලේ,
       වික්ටෝරියා, බෝවතැන්න යන ජලාශ.

සිව් මහ මහවැලි ජලාශ.
    කොත්මලේ ජලාශය.
    වික්ටෝරියා ජලාශය.
    රන්දෙණිගල ජලාශය.
    මාදුරු ඔය ජලාශය.


තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...