Pages

තේරවිලි



 








කඩෙන් ගත්තොත් භාණ්ඩයක්  

දියෙන් ගත්තොත් මාංශයක්              
ඉබ්බා  


කන්නෙත් නෑ බොන්නෙත් නෑ
ගෙදර දොරේ බුදි                   
- ඉබ්බා


නම කියනා විට දිය සිහි වෙනවා
දියට දැමුවොතින් දියයට යනවා
දියේ නෙමෙයි මෙහු ගොඩම ඉන්නවා
බඩට අනිනකොට කටත් අරිනවා
- ඉබ්බා

කොන්ඩේ තියෙන මිනිහ ලත්
කොන්ඩේ නැති මිනිහ ලත් තිබිය යුතු පනාව
- කල්පනාව

කපන්න කපන්න දික්වෙනවා
- කානුව

උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර
- ආප්ප

ලී ඇත - මඩුවක් නැත
ලාච්චුවක් ඇත - අල්මාරියක් නැත
බෙහෙත් ඇත - ඉස්පිරිතාලයක් නැත
- ගිනිපෙට්ටිය

සුදු මහත්තයා කළු තොප්පියක් දාගෙන
- ගිනිකූර

ඇදලා ගත්තා දමල ගැහුවා
මලක් පිපුනා මල පරවුනා
- ගිනිකූර

අතින් කටට - කටින් බඩට
බඩින් අතට - අතින් අතට
- ලියුම

එක කකුලයි උඩින් ගමන් යයි
- කුඩය

වැස්ස වහිනකොට මාව යනවා
හිසටත් ඉහලින් මං වැජබෙනවා
- කුඩය

බුදු අම්මෝ බඩ දනවෝ
පාවඩ පිට මම යනවෝ
- ස්ත්‍රික්කය

රෑට ලෑල්ල උදේට බම්බුව
- පැදුර

මල්ලක දාගෙන යාහැකි රට
- බුරුමය

සාක්කුවෙන් පිටට පනී
පස් දෙනෙක් බදාගනී
ලේන්සුව

පාට හතරකින් ගෙට ආවා
එක පාටකින් පිටවූවා
- බුලත්විට

ඇදුම් සීයක් ගැලෙව්වත් බොත්තම් නෑ

- ගෝවා ගෙඩිය

මල් සුවඳයි ගෙඩි තිත්තයි
නොතේරුවොත් ටොකු විස්සයි
කරවිල

කටු නැති කැලේ ඇට නැති සතා
- උකුනා

ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්
- අන්නාසි

හිසේ මලකි පයේ උලකි
මලේ වැලකි වැලේ වැඩකි
- ඉදිකටුව

මෙගොඩ ගෙඩේ හලන්නේ
එගෙඩ ගොඩේ බෙටි ලන්නේ                                                   
කොකා නිසයි පණ එන්නේ
කැලෑවලයි ගොරවන්නේ                                                                         
- තුවක්කුව

ගුලක් බලා රිංගනවා
ඒක ඇතුලේ කැරකෙනවා
ගේදොර බඩු  රැකදෙනවා
තේරවොතින් පඩි දෙනවා                                                                        
- යතුර

පොල්තෙල් හැර කෑමක් නැත
දත් ඇති මුත් කටක්ද නැත
පන්සලට නම් යන්නෙම නැත
ගෙදර නම් වරදින්නේම නැත                                                        
-පනාව

බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තිබ්බා                                              
-හිරමනය                       

පියා සලයි ඉහල නොයයි
හිත රිදුනොත් මෙයා අයි                                                                        
-ඇස

කෑවොත් පලතුරක්  කැපුවොත් අනතුරක්                                       
-බෙලි

හෝදන්න් හෝදන්න් අපිරිසිදු වෙනවා                                           
-වතුර

නයා වගේ දර ඇතේ
කොකා වගේ පාට ඇතේ
මහ මුහුදේ ගමන් යතේ
යන යන තැන හූ කියතේ                                                              
-හක්ගෙඩිය

තනි කකුලෙන් ඉන්න සුදා                                                                        
-හතු

දියේ වැලයි වැලේ මලයි                                                              
-කුප්පිලාම්පුව

ටොකු ඇන ඇන නාවනවා                                                           
කොන්ඩ කැවුම

විදින්න බැරි දුන්න                                                                       
-දේදුන්න

පුස්තකාලයේ නැති පත                                                                        
- ඉලපත

කකුල් හතරක් ඇත
එහෙත් ගමනක් නැත                                                                  
පුටුව

අනුන් පාවිච්චි කරන තමන්ට අයිති දෙයක්                                      
- නම

ලෝකේ ලොකුම ගින්න                                                               
- බඩගින්න

අතු අග පිපන ලිය                                                                       
අරලිය

ගියොත් ආයෙත් නොයෙයි                                                           
- වයස

ගින්නක් නැතුව නගින දුම                                                                        
- මීදුම

ඇගේ වදිනවා ඒත් අල්ලන්න බෑ                                                   
- සුළ

පීනන්න බැරි මාලු                                                                       
- ආනමාලු

පළතුරකි, ලෙඩකි නමට අකුර තුනකි                                            
පැපොල්

අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පෙරවාගෙන 
ේ පැටව් පුරවාගෙන                                                                        
- කොස් ගෙඩිය

පිරිසිදු කරහම කළු පාටයි                                                              
- කළු ලෑල්ල

බෙල්ලත් සැබැයි ඔළුවක් නැත අන්දෑයේ
අතත් සැබැයි ඇඟිලිත් නැත අන්දෑයේ
බඩත් සැබැයි බඩවැල් නැත අන්දෑයේ
එහෙම කෙනෙක් මහ සබයක අන්දෑයේ                        
- කමිසය

අන්න බලන් අත්තක ඉද ලෝලූ
පපුව පලාගෙන අනක් මද කෑලූ
කකා ගිය ලෙල්ල රසකර උයාලූ
අද බැරිනම් හෙට තෝරාපන් යාලූ                               
- ගොරකා

වැල් වැල් දිග ඇති මල් මල් රුව ඇති
රාජ වංහ ඇති - කෑවොත් පණ නැති                    
- නියගලා

මුලත් කපා මුල අහකට දමන්නේ
අගත් කපා අග අහකට දමන්නේ
බඩත් කපා බඩ අහකට දමන්නේ
කපුටා නොකන තැන වතුරට දමන්නේ                                   
- ඔරු

අත්තෙන් අත්තට පනින කුරල්ලා
බිම වැටුනොත් චොහොර කුරුල්ලා                                                            
- වැහි බිංදුව

ගන්න කෙනා පාවිච්චි කරන්නෙත් නෑ
දෙන කෙනා පාවිච්චි කරන්නෙත් නෑ                                              
- මිණී‍ පෙට්ටිය


නෙත් දොලහයි මුහුණ වටයි
අත් දෙකකුත් මුහුනෙ නටයි                                                          
- ඔරලෝසුව

කටු ඇනි ඇනි හිටින් හිටින්
සේරම ගෙඩි කඩන් කඩන්
ගෙදර ගෙනත් සටන පටන්
තෝරාපන් බොලන් බොලන්                                               -
- තලන ටු

දෙන්නෙක් දෙපැත්තෙන් ආවා
මගේ කකුල් දෙක කෑවා                                                               
- සපත්තු

නාහ නැතුව ඉල පිට ලණු කෑවා
ගොන්රජ අති අත වැදුනා කියලා                                                            
- බෙරය

ලේ කිවුවට රතුත් නැතේ
නා කිවුවට දළුත් නැතේ                                        
- ලේනා

නැකැත් බලන්නට යන්නෙකි
ඟුල් ඉලව් පිංකම් දන්නෙකි
වැඩිහිටි දෙගුරුන් පිළිගන්නෙකි
නාග ලොවින් ආ වැදගතෙකි                             
- බුලත්

දෑසක් ඇත පෙනුමකුත් නැත
දෙපා ඇති මුත් ගමනක් නම් නැත
බඩෙන් කෑවත් බඩ පිරුමක් නැත
තෝරා දුන්නොත් හෙප්පුවේ මෙය ඇත                               
- ගිරය

අත්වලින් ඇවිදිමින් දත්වලින් දුවමිනේ
කකා බිම හෙලමිනේ කව්දැයි කිව මැනේ                                       
- කියත

අත්ත හොයි තද වැස්සට ඉහලන්න
පිත්ත හොයි තද වරමදු අඹරන්න
ගොබය හොයි දස ධර්මය ලියවන්න
එමල හොයි බුදු මගුලට ගෙනයන්න                                 
- තල් ගස

ක් අග වසන මුත් කුරල්ලෙක් වේමය
නෙත් තුන ඇතත් ඒ මෙහෙසිරු නොවේමය
පොතු පිළි අදින මුත් තවුසෙක් නොවේමය
ජලයන් පිරි නමුත් මේ වැසි නොවේමය                                 
- පොල් ගෙඩිය

වරදක් නැතිව ගහකට බදිනවා දුටින්
ලෙඩක්  නැතිව බෙහෙතක් කවනවා දුටින්
දුකක් නැතිව තිස්සෙම අඩනවා දුටින්
හැලියක් අරන් වතුරත්මනිනවා දුටින්                              
- රා මදින පොල් ගස
                 

ගසට නමකි ගසමැරනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකි
මදයට නමකි මද කනකොට වෙන නමකි
මෙතුන් පදේ තෝරාලා කියන් සකි
                                     ගසට ගොයම් ගස මැරනම පිදුරු වෙති
                                    ගෙඩියට වී පොත්තට දහයියා කියති
                                    මදයට හාල් එය කනකොට බත් කියති
                                    මෙතුන් පදය වී සදහා කියයි සකි

ගසට නමකි මල පිපුනම වෙන නමකි
ගැටයට නමකි ලොකු වෙනකොට නමකි
ගෙඩියට නමකි ගෙඩි ඉදුනම වෙන නමකි
මෙතුන් පදේ තෝරාලා කියන් සකි
                                    ගසට කොස් කියයි මලනම් පනා නොවේදෝ
                                    ගැටයට පොලොස් ලොකු වෙනකොට නිකිනි නොවේදෝ
                                    ගෙඩියට කොස් ඉදුනම වරකා නොවේදෝ
                                    මෙතුන් පදේ තේරවෙ මෙලෙස නොවේදෝ



කුල වකුලන් මොන රනරත් කලක වෙතේ
හා මිරකෙක් වට කොලිගෙන් ඉඩ මහතේ
ගොටලු බැනෙක් බාරමයෙන් දුන පැවතේ
වූකි නානත් ගොල තයියා නොණ තකතේ
                                    වලි කුකුලන් රණ ‍මොනරත් වෙලක කතේ
                                    මී හරකෙක් කොට වලිගෙන් මඩ ඉසතේ
                                    බැටළු ගොනෙක් මාර බයෙන් පැන දුවතේ
                                    නාකි වුනත් තලගොයියා තණ  නොකතේ

ටං ටං ගාන්නා තෝරා එවාපන්
ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
මග වැලි පිසින්නා තෝරා එවාපන්
දෙගම්බඩ රජා ගාන්නා තෝරා එවාපන්
                                    ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ                               
                                    ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
                                    මග වැලි පිසින්නා කුකුළා නොවේදෝ
                                    දෙගම්බඩ රජා ගාන්නා කිඹුලා නොවේදෝ

ගස මුල කටු දෙකක් ආවයි  ජය ගන්ට
කද මැද තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනන් මලක් පිපුනයි රව විහිදෙන්ට
මෙතුන් පදේ තෝරාලා කියනු හෙට
                                    ගස මුල කටු පොරකටු දෙක නේදෝ                        
                                    කද මැද තටු ඉගිලෙනතටු නේදෝ
                                    මුදුනන් පිපුනු මල කරමල නේදෝ
                                    කුකුළා කියන එක දැන් හරි නේදෝ


අලියා නොයන වල තෝරා කියන්නේ
අලියා නොයන දළු තෝරා කියන්නේ
අලියා නොයන මග තෝරා කියන්නේ
අලියා සදිසි ගල තෝරා කියන්නේ

                                    අලියා නොයන වල මඩ වල නොවේදෝ
                                    අලියා නොකන දළු ගිනි දළු නොවේදෝ
                                    අලියා නොයන මග ඉනිමග නොවේදෝ
                                    අලියා සදිසි ගල ඇතුගල වේදෝ


නාග ලොවේ සිට මෙහි ඇවිදිල්ලා ‍බෙල්ල කඩාගෙන ගෙයි
තව එක මිනිහෙක් ගහෙන් වැටීලා හතරට පැලිලා දොයි
ගින්නට දැවිලා වතුරට පෙඟිලා තවත් එකෙක් ගෙට එයි
මැරණු එකෙක් විත් තිදෙනා සමගින් එකටම වී සිටිතෙයි

                                    නාග ලොවින් ආ බුලත් කොළයේ නටු අග කඩලා කයි
                                    පැහිච්ච පුවකේ ගහෙන් කඩාලා හතරට පලලා කයි
                                    පිළිස්සු හුනුගල් උණු දිය දමලා තමිබා විටකට කයි
                                    බුලත් විටට දුම්කොල හුනු මුසුකර රස කර කර කයි

උඩින් දුවන වී තෝරා එවාපන්
බිමින් දුවන වී තෝරා එවාපන්
ගෙදර දුවන වී තෝරා එවාපන්
වෙල්වල තිබෙන වී තෝරා එවාපන්

                                    උඩින් දුවන වී ගිරවී වේදෝ
                                    බිමින් දුවන වී සාවී නොවේදෝ
                                    ගෙදර සිටින වී පරවී වේදෝ       
                                    වෙල්වල තිබෙන වී මාව නොවේදෝ 

දාර දෙකයි එක නම මුල් කර තැනුවා
පාර තිහක් ගැසුවට බියකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරාකියන් ඊයේ මගදී දුටුවා

                                    දාර දෙකයි එක මැද එක ගැවසීය
                                    වට පිට යන කලට කනු සතරෙන් යාය
                                    ගෙට ගිය කලට කිසි බියකුත් නැතුවාය
                                    මට දැනෙනා ලෙසට මේ නම් ඉබ්බාය

මොනරෙක් සිටියි දස අත පිල් විදාගෙන
කෙනෙක් සිටියි කද මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි කනකති හැම දෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරනු පද හදාගෙන

                                    දස අත පලය කීවේ රඹ ගසය මලේ
                                    කද මැද බදා ඉන්නේ රඹ කැනය මලේ
                                    ලෙල්ල හැර කෙසෙල් ගෙඩි හැම කනවා  බොලේ
                                    මෙතුන් පදය තෝරාලා කිවුවා මලේ

තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...